මහා ක්‍රිකට් තරග සංවිධාන කිරීමේදී ආරක්ෂාව පිළිබඳ සැළැස්මක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මැයි 02, 2023

    ඉදිරියේදී මහා ක්‍රිකට් තරග සංවිධාන කිරීමේදී පොලිසිය සමග සාකච්ඡා‍ කොට දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සැළැස්මක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා අවධාරණය කරනවා.

    පසුගිය ඉරිදා ක්‍රිකට් තරගයක් අවසානයේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.  කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය අතර වාර්ෂික එක් දින ක්‍රිකට් තරගය පසුගිය ඉරිදා පැවැත්වුණේ මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.  මෙම තරගයෙන් අනතුරුව දෙපිළේ තරග නරඹනන්නන් ක්‍රීඩාංගණයට පැමිණීමත් සමග දෙපිරිස අතර ගැටුමක් හට ගැනුණා. ‍

    පොලිසිය ගැටුම පාලනය කිරීමට උත්සහ කළද, එම අවස්ථාවේ තිස්ස විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ උප නායක හිරුෂ නෙත්සර ක්‍රීඩකයාගේ හිසට පොලු පහරක් වැදීමෙන් ඔහු තුවාල ලැබුවා.  සිසුවා එම අවස්ථාවේදීම කළුතර නා ගොඩ රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවනු ලැබුවා. නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි එම සිසුවා, අද දහවල් රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. කෙසේ වුවද මේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුෂ නෙත්සර ක්‍රීඩකයාගේ මාපියන් පයාගල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News