වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්රික්ක 3 කට නාය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, ඊයේ රාත්රීයේ සිටයි. බදුල්ල, කෑගල්ල සහ මාතර යන දිස්ත්රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ හල්දුම්මුල්ල සහ පස්සර යන ප්රදේශ, කෑගල්ල දිස්ත්රික්කයේ කෑගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මාතර දිස්ත්රික්කයේ කොටපොල හා පස්ගොඩ යන ප්රදේශ ඊට ඇතුළත්.