දන්සැල් පරීක්ෂාවට 300ක් සීරුවෙන්

මැයි 03, 2023

    වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

    එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ, දන්සැල් පැවැත්වීමට පෙර එය ලියාපදිංචි කිරීම අනිවාර්යය වන බවයි.

    ‍ඒ අනූව, දන්සැල ලබාදෙන පරිශ්‍රය ආසන්නයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් ලිඛිතව දැනුම් දුන් පසු අවශ්‍ය අදාළ උපදෙස් ලබාදෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

    Latest News