විදේශ කටයුතු ඇමති - ඉන්දීය මුදල් ඇමති හමුවෙයි

මැයි 03, 2023

    විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අද ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවුණා.

    ආසියානු සංවර්ධන බැංකුවේ 56 වැනි වාර්ෂික රැස්වීමට සමගාමීව දකුණු කොරියාවේ සෝල් නුවර දී හමුව සිදුවූ බවයි, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

    දෙරටේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ද්විපාර්ශ්වික සබඳතා සහ ආර්ථික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද එහිදී සාකච්ජා වී තිබෙනවා.

     

    Latest News