ඒ අනූව, විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට වු බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම ද සම්පූර්ණයෙන්ම තහනම් වනවා.
කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩ කරන්නේ නම් හෝ උල්ලංඝනය කරයි නම් ඒ පිළිබඳව පැමිණිලි කළ හැකියි.
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 සිට ජුනි 08 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568ක දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.