"ගොඩවෙල්ලා" ගේ හානිය ගැන ළඟ ම කෘෂිකර්ම කාර්යාලයට කියන්න

මැයි 30, 2023

    "ගොඩවෙල්ලා" නැමති කාණ්ඩයට අයත් දළඹු විශේෂ තුනක් පැළ ගොයමට හානි කරන පුවතක් ආණමඩුව හා දිඹුලාගල යන ප්‍රදේශවලින් ඊයේ වාර්තා වුණා.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ඒ පිළිබඳ විමර්ශනයට විශේෂ කණ්ඩායමක් අද එම ප්‍රදේශ බලා පිටත්ව ගියා.

    මෙම දළඹු විශේෂය පාලනය සඳහා පුහුණුව ලත් නිලධාරින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටින බැවින්, තම ප්‍රදේශවලින් එම දළඹුවන් වාර්තා වන්නේ ආසන්නම කෘෂිකර්ම නිලධාරි කාර්යාලයට ගොස් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News