පිළිකා ගැන දැනුවත් කිරීමට පාගමනක් (වීඩියෝ)

ජූනි 06, 2023
  • පිළිකා රෝග පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් පාගමනක් කොළඹදී පසුගිය දා පැවැත්වුණා.

    ශ්‍රී ලංකාවේ පළමු ළමා රෝග සහ සත්කාර මධ්‍යස්ථානයට අරමුදල් රැස්කිරීමද මෙම පාගමනේ අමුණයි.

    සුව අරණ ළමා රෝග සහ සත්කාර මධ්‍යස්ථානයට ආධාර එකතු ‍කිරීම වෙනුවෙන් ඉන්දිරා පිළිකා පදනම සහ ලෝකා ලයිෆ්ස්ටයිල් සංවිධානය මෙම පාගමන සංවිධාන කර තිබුණා. වාර්ෂිකව ශ්‍රී ලාංකික දරුවන් 750ක් පමණ නොයෙකුත් පිළිකා රෝගවලට ගොදුරු වෙනවා. එසේම මහරගම අපේක්ෂා රෝහලට දෛනිකව දරුවන් 100කට වඩා බාහිර රෝගි අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙනවා. ඔවුන්ට පහසුකම් සැලසීම සහ දරුවන්ගේ මානසික මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් සුව අරණ කැපවී සිටිනවා.

    Last modified on අඟහරුවාදා, 06 ජූනි 2023 15:24

    Latest News