නතාෂා සහ බෲනෝ යළි රක්ෂිත බන්ධනාගාරයට

ජූනි 07, 2023

    නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    ඒ, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ ‍නියෝගයකට අනුවයි. බුදුදහමට අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමේ චෝදනාව මතයි, නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගනු ලැබුවේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය විසින්.

    ඇයගේ ඉදිරිපත් කිරීම යූ ටියුබ් වෙත මුදාහැරීම හේතුවෙන්, බෲනෝ දිවාකර ද පසුගිය මැයි 31 වැනිදා අත්අඩංගුවට ගැනුණා. රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝග කළේ.

    Latest News