රාජ්‍ය ආයතනවල පරිගණක යෙදුම් නිර්*මාණය කිරීමට ආයතනයක්

ජූනි 07, 2023

    මෙරට ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත එක්රැස් කිරීම හා නිරීක්ෂණයට, පරිගණක යෙදුම් නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    මෙතෙක් රාජ්‍ය ආයතන සඳහා පෞද්ගලික ආයතන මගින් නිර්මාණය කෙරුණු පරිගණක යෙදුම් ඉදිරියේදී ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනය මගින් පමණක් සිදු කිරීමට පියවර ගන්නා බවයි, ජනාධිපතිතුමා සඳහන් කළේ.  ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සමග අද පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී.

    රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළා.  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News