සබරගමුව පළාතේ නව ආණ්ඩුකාර තනතුර හිටපු අමාත්‍ය නවීන් දිසානායකට

ජූනි 13, 2023

    සබරගමුව පළාතේ නව ආණ්ඩුකාරයා ලෙස, හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා.

    ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. ඔහු ජනාධිපති කාර්යාලයේදී, අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. දිවුරුම් දීමෙන් අනතුරුව, නවීන් දිසානායක මහතා සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, රට වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට සහ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උපරිම දායකත්වය ලබා දෙන බවයි.

    පසුගිය කාලයේ වැටී තිබූ රට, ජනාධිපතිවරයාගේ නිවැරදි වැඩපිළිවෙළ නිසා මේ වන විට ධනාත්මක වර්ධනයක් ඇති වී තිබෙනවා. ජනපතිගේ රට ගොඩනගන වැඩපිළිවෙළත් සමග එක්වෙමින්, සබරගමුව පළාතේ දියුණුවට කැප වී ක්‍රියාකරන බවයි, ඔහු කියා සිටියේ.

    Last modified on අඟහරුවාදා, 13 ජූනි 2023 19:07

    Latest News