උඩදියලුම - මේ තැන විතරක් කඳවුරු බදින්න

ජූනි 14, 2023

    මෙම දිය ඇල්ල පිළිබඳව පසුගිය කාලය තුල වැඩි වශයෙන් කතා බහක් ඇති වූ අතර, ඒ උඩදියලුම ප්‍රදේශයේ රාත්‍රී කදවුරක සිටි තරුණියකට එල්ල වු වනඅලි ප්‍රහාරයකින් ඇය එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වීම හේතුවෙන්.

    උඩදියලුම ප්‍රදේශයේ කදවුරු ඉදිකිරීම සදහා වෙන් කළ අක්කර භාගයක පමණ භූමි ප්‍රදේශයක් ඇති අතර එම ස්ථානයේ සංචාරකමග පෙන්වන්නෙකුගේ සහය ඇතිව කදවුරු ඉදිකිරීමට සංචාරකයන්ට අවස්ථාව හිමිවනවා..

    එම ස්ථානයෙන් බාහිර ප්‍රදේශයේ කදවුරු ඉදිකිරීම ජීවතවලට තර්ජනයක් බව ප්‍රදේශවාසීන් පවසනවා.

    එම ස්ථානයේ වසර ගණනවක සිටම රාත්‍රී කදවුරු ඉදිකිරීම සදහා දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙනවා.

    උඩදියලුම ප්‍රදේශයේ රැදී සිටින වනඅලි, දිවියන් සහ විෂ සහිත සර්පයින් රාත්‍රී කාලයට උඩදියලුම කැලෑ බද ප්‍රදේශයේ නිරන්තරයෙන් රැදී සිටින අතර එම නිසා අනාරක්ෂිත ස්ථානවල කදවුරු ඉදිකිරීම ඉතා අවදානම්.

    එම නිසා, දියලුම දිය ඇල්ලේ කදවුරු සදහා වෙන් කර ඇති ස්ථානය පමණක් භාවිතා කර ජීවිත රැකගන්නා ලෙස සංචාරකයින්ට දැනුම් දෙනවා.

    Latest News