ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කළ අපේ වෛද්‍යවරු ගිනස් පොතට

ජූනි 14, 2023

    ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරමින් පසුගියදා (ජුනි 1) යුද්ධ හමුදා වෛද්‍යවරු ගිනස් ලෝක වාර්තා අතරට එක්ව තිබෙනවා.

    කොළඹ යුද්ධ හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මයේ සිදුකරනු ලැබීය.

    ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ එක්ව තිබෙනවා.

    කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී මෙය සිදුකෙරුණ අතර, මෙම වකුගඩු ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුක්තයි.

    දැනට පවතින ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ මේ වන විට හමුවී ඇති දිගම වකුගඩු ගල වර්ෂ 2004 දී ඉන්දීයාවෙදී කරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති අතර, එය සෙන්ටිමීටර 13 ක් දිගින් යුක්තයි.

    බරින් වැඩිම වකුගඩු ගල වර්ෂ 2008 පකිස්ථානයෙන් හමුවී ඇති අතර, එය ග්‍රෑම් 620 ක් ලෙස සඳහන්.

    Last modified on බදාදා, 14 ජූනි 2023 08:49

    Latest News