එදින වයස 12 න් පහළ සියලු ළමුන් සඳහා නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබාදෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්යක්ෂ ජෙනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පවසනවා.
මෙදින සතූන් සහ ඔවුන්ගේ ජීවත්වන පරිසරයන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ආකල්පමය දැනුමක් ජනතාව තුල වර්ධනය කිරීම සඳහා වන වැඩසටහන් මෙන්ම ළමුන් සඳහා දැනුම ලබාගත හැකි විනෝදාත්මක වැඩසටහන් රාශියක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය පැවසුවා.