නාගරික පරිසර උද්‍යානයක් බවට පත්වන වැවේකැලේ පරිසර පද්ධතිය

ජූලි 29, 2023

    සීතාවක සංචාරක කලාපයට අයත් වැවේකැලේ පරිසර පද්ධතිය නාගරික පරිසර උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතයි.

    ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුවයි. අග්‍රාමාත්‍යවරයා ඊයේ එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අවිස්සාවේල්ල නගරය ආසන්නයේ පිහිටි වැවේකැලේ පරිසර පද්ධතිය අක්කර 28 කින් සමන්විත භූමි භාගයක්. දැනට වල්බිහි වී පවතින මෙම ප්‍රදේශය මුළුමණින්ම නවීකරණය කර, පාසල් සිසුන්ට, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට හා පරිසර හිතකාමීන්ට අධ්‍යයන කටයුතු සිදු කළ හැකි මධ්‍යස්ථානයක් ලෙස දියුණු කළ යුතු බවයි, අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ. නගරයට ජලය සැපයිය හැකි ජල මූලාශ්‍රයක් ලෙස ද මෙම පරිසර පද්ධතිය හඳුනා ගෙන තිබෙනවා. මෙය "සීතාවක ඔඩිසි" දුම්රිය ගමනාන්තයක් ලෙස ද සංවර්ධනය කළ හැකි බවයි, අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. සංවර්ධනය කිරීමෙන් පසු මෙම භූමියේ කළමනාකාරීත්වය සීතාවකපුර නගර සභාව වෙත පවරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

    Latest News