අස්වැසුම ප්‍රතිලාභීන්ට රජයෙන් දැනුම්දීමක්

ජූලි 29, 2023

    ප්‍රමාදයකින් තොරව සෘජුව ප්‍රතිලාභීන්ගේ ගිණුමට සුබසාධන දීමනා ලබාදීම සඳහා බැංකු ගිණුම විවෘත කරන ලෙස රජය අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, බැංකු ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සහය වනු ඇති බවයි. නව ක්‍රමවේදය හඳුන්වා දෙන තෙක් අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, වකගඩු රෝගීන් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් සඳහා දැනට පවතින සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් නොවෙනස්ව පවතින බවයි, මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ඉදිරියේදී සියලු ගෙවීම් ප්‍රතිලාභියාගේ ගිණුමට බැර කරන බැවින්, කඩිනමින් බැංකු ගිණුමක් විවෘත කර එහි තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස, රජය ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News