ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන සිරකරුවන් හුවමාරු ගිවිසුමක්

මාර් 28, 2019

    ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර සිරකරුවන් හුවමාරුකර ගැනීමේ ගිවිසුමක් ඇති කිරීම පිළිබඳව අවධානය යොමු වී තිබේ.

    අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය හා මෙරට ඇෆ්ගනිස්ථාන තානාපති අෂ්රොෆ් හයිඩායි මහතා අතර සාකච්ජාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ පැවැත්විණ. මෙරට බන්ධනාගාරවල සිටින ඇෆ්ගනිස්ථාන සිරකරුවන් පිළිබඳව තලතා අතුකෝරළ මහත්මියගෙන් විමසා සිටි තානාපතිවරයා, ඔවුන් සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව ප්‍රසාදය පළ කළේය.

    ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථාන අතර සිරකරුවන් හුවමාරුකර ගැනීම සඳහා ගිවිසුමක් මෙතෙක් ක්‍රියාත්මක නොමැති අතර ගිවිසුමක් ඇති කිරීම සම්බන්ධයෙන් මෙහි දී අදහස් හුවමාරු විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2019 10:53

    Latest News