කටුවන ජාතික පාසලේ සිසු දෙමාපිය විරෝධයක්

මාර් 29, 2019

    කටුවන ජාතික පාසලේ හය වැනි ශ්‍රේණියට දරුවන් විසිහතර දෙනකු ඇතුළත් කර නොගැනීමට එරේහිව අද (29) විද්‍යාලය සහ කටුවන ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි.

    මෙම විරෝධතාවට කටුවන ප්‍රථමික විද්‍යලයේ අධ්‍යපනය හදාරන සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියෝ පිරිසක් ඊට එක් වූහ.

    කටුවන ප්‍රාථමික විද්‍යාලය අසල සිට විරෝධතා පුවරු අතැතිව කටුවන ජාතික පාසල ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවෝ විද්‍යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිරත වී යළි කටුවන ඔරලෝසු කණුව ඉදරිපිටට පැමිණ සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.

    කටුවන ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන ලැබු මෙම දරුවන් කටුවන ජාතික පාසලේ හය වැනි ශ්‍රේණියට ඇතුළත් කර නොගෙන වෙනත් පාසල් වල දරුවන් ඇතුළත් කරගෙන ඇතැයි දෙමාපියෝ චෝදනා නඟති. මාස තුනකට අධික කාලයක් පාසලක් නොමැතිව නිවෙස් වල සිටීමෙන් දරුවන් දැඩි මානසික පීඩනයක ලක්ව ඇතැයි මාපියෝ පැවසුහ.

    කටුවන ජාතික පාසලේ විදුහල්පති පී. එස්. වී. කේ. පියතිලක මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ, කටුවන ජාතික පාසලේ හය වැනි ශ්‍රේණියට අනුමත පන්ති කාමර හතර සඳහා දරුවන් ඇතුළත් කරගෙන අවසන් බවයි. අමතර පන්ති කාමරයක් ආරම්භ කර දරුවන් ඇතුළත් කරගැනීමට අධ්‍යාපන ලේකම්ගේ අනුමැතිය ලැබී නොමැති බැවින් අනුමැතිය ලද පසු සිසුන් පාසලට ඇතුළත් කරගැනීමට කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.

    Latest News