ආශු මාරසිංහ ඉල්ලා අස්වේ (විඩියෝ)

මාර් 29, 2019
  • පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වේ.


    අමාත්‍යාංශ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ පරාජය වූ අවස්ථාවේ දී මෙම තීරණය ගත් බව,ඔහු පවසයි. 

    ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධූරයේ වගකී ඉටුකිරිමට නොහැකිවි නිසා තමන් කණගාටුවට පත්වන බව මහාචාර්ය ආශු මාරසිංහ අද මාධ්‍ය වෙත පැවසිය. ඒ අනුව ධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කළ බවයි ඔහු පවසන්නේ. එය අගමැතිතුමා විසින් බාරගත් පවත් ඔහු කියා සිටියේය. ඉදිරියේදි පක්ෂයේ සහ ආණ්ඩුවේ කාර්ය භාරයට ශක්තිමත්ව දායකත්වය පිරිනැමීමට කැපවන බවත් අවධානරය කරයි. 

    මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහ අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පලාත් සභා සහ පාලත් පාලන අමාත්‍යංශයන්හි අයවැය කාරක සභා අවස්ථාවේදි පරාජයට පත්වුයේය.  

    කාරක සභ අවස්ථාවේ පරාජයට පත්විම සම්බන්ධයෙන් වගකීම භාර ගැනිමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වි තිබේ.

    Last modified on සිකුරාදා, 29 මාර්තු 2019 13:42

    Latest News