මීගමුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, මීගමුව පොලීසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට උත්සහ කළ නමුදු වියළි කාලගුණය හේතුවෙන් ගින්න විශාල ලෙස පැතිර ගිය බවයි අප වාර්තාකරු පවසන්නේ. ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.