අමද්‍යප ව්‍යාපාරයකට කාලය එළඹ තිබේ;අමාත්‍ය සජිත්

අප්‍රේ 02, 2019

    අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සියලු අංශ එකට එක්වූ විධිමත් අමද්‍යප ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට කාලය එළඹ ඇතැයි, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඔහු කියා සිටියේ, දරු-පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීම සඳහා ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ රජය මේ වනවිටත් විශාල වැඩ කොටසක් ඉටු කරමින් සිටින බවයි.

    එහිදී අදහස් පළ කළ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා.....

    “මත්ද්‍රව්‍ය භාවිතය වළක්වාලන්න තිබෙන්නාවූ නීති පද්ධති විවිධ ක්‍රියාකාරකම් පසුගිය කාලයේ අඩපණ වූ අවස්ථා අපි දැක්කා. අද දවසේ අපේ දරු පරම්පරාව බිලිගන්නා ඒ ජාවාරම්කරුවන්, කුඩු ව්‍යාපාරකයින් නීති පද්ධතිය තුළ ලබාදිය යුතු බරපතලම දඬුවම ලබාදීම සඳහා අද සැලසුම් සකස්වෙමින් තිබෙනවා. ඒ කාරණාව මෙහෙයවීමේ කර්තව්‍ය රාජ්‍ය තන්ත්‍රයට පමණක් බාරදීලා වැඩිහිටි පරපුර පැත්තකට වෙලා බලාහිටියොත් මම හිතන්නේ නැහැ කුඩු ව්‍යාපාර විනාශ කිරීමේ වැඩසටහන සාර්ථකත්වය කරා යයි කියලා. දූ දරුවන්ට මත්ද්‍රව්‍ය භාවිතය, මත්පැන් භාවිතය, දුම්වැටි භාවිතය, වැළැක්වීම වෙනුවෙන් මේ වැඩිහිටි පරපුරත් වෙනම ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරන්න ඕනේ.“ යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, මහනුවර කුණ්ඩසාලේ, පල්ලේගුන්නෑපාන බෝධිගල විහාරස්ථානයේ නව දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින්. “සිසු දහම් සෙවණ“ වැඩසටහන යටතේ රුපියල් හතළිස් ලක්‍ෂයක් මීට වෙන්කර තිබේ. මාස තුනක් ඇතුළත ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතවේ.

    Latest News