ශ්‍රීලනිප මැයි රැළිය ගම්පහදී

අප්‍රේ 02, 2019

    මෙවර ආකර්ශනීය මැයි දින රැළියක් ගම්පහ නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන බව, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

    “දැය රකින අරගලය වැඩබිමෙන් අරඹමු“ එහි තේමාවයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් පළ කෙරිණ.

    එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා...

    “මෙවර මැයි දින ඉතාමත් උත්කර්ෂවත් ලෙස ගම්පහ නගර සභා පිටියේ දී මැයි 01 වැනිදා පස්වරු 2.00ට අප පක්‍ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු දැන් සූදානම් කරගෙන යනවා“ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේය.

    Latest News