CSD අධ්‍යක්ෂ ජනරාල්ට සේවා දිගුවක්

ඔක් 08, 2024
     

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්.එස්. බියන්විල පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

    ඔහුගේ පත්වීමේ කාලසීමාව අවසන් වීමට තිබුණේ පසුගිය සැප්තැම්බර් මස 13 වැනිදා නමුත් ඔහුව මේ වසර අවසාන වනතෙක් එනම් 2024.12.31 වැනිදා දක්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් තනතුරේ තවදුරටත් සේවයේ යෙදවීම සඳහායි තීරණය කර ඇත්තේ.

    ඒ අනූව එයාර් වයිස් මාර්ෂල් ආර්.එස්. බියන්විලගේ සේවා දිගුව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
    Last modified on අඟහරුවාදා, 08 ඔක්තෝබර් 2024 14:28

    Latest News