ID ඔෆිස් වැඩ බැලීමට නව නිලධාරියෙක්

ඔක් 08, 2024
    මහජන ආරක්ෂක අමාත්යාංශයේ අතිරේක ලේකම්වරියක වශයෙන් දැනට සේවය කරනු ලබන එම්.එස්.පී.සූරියප්පෙරුම මහත්මිය වහාම ක්රියාත්මක වන පරිදි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත්කර තිබෙනවා.

    ඇය ශ්රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්රේණියේ නිලධාරිනියක්.

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර සැප්තැම්බර් 24 වැනිදා සිට පුරප්පාඩු වී තිබෙනවා.
     
    මහජන ආරක්ෂක අමාත්යවරයා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමතකළ බව කැබිනට් ප්රකාශක අමාත්ය විජිත හේරත් මහතා ප්රකාශ කළා.

    Latest News