රජයේ වාහන ගැන සෙවීමට දුරකථන අංකයක්

ඔක් 11, 2024
    රජය විසින් විවිධ කාර්යයන් සඳහා නිකුත් කරන ලද වාහන යම් ස්ථානයක වංචා සහගත ලෙස හෝ නීතිවිරෝධි ලෙස හෝ සඟවා තිබෙන බවට තොරතුරක් වේ නම් ඒ බව දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    එම තොරතුරු 1997 විශේෂ දුරකතන අංකයට ලබාදිය හැකි බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

    රජයේ විවිධ ආයතනවලට නිකුත් කළ වාහන රැසක් පහුගියදා බාරදෙනු ලැබුවා.
    නමුත් තවත් වාහන කිහිපයක් අස්ථානගතව ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.
    එවැනි වාහන වංචා සහගත ලෙස ‍හෝ නීතිවිරෝධි ලෙස සඟවා ඇත්නම් කොටස් කර ඇත්නම් හෝ යම් ස්ථානයක නවතා තබා අබලන්වීමට ඉඩහැර ඇත්නම් වහාම දැනුම් දෙන ලෙසයි පොලිසිය නිවේදනය කරන්නේ.
    තොරතුරු ලබාදෙන්නන්ගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන අතර, අනන්‍යතාව හෙළි කිරීමද අවශ්‍ය නොවන බව පොලිසිය නිවේදනය කරනවා.
    සත්‍ය තොරතුරු පමණක් ලබාදිය යුතු අතර අසත්‍ය තොරතුරු ලබාදෙන්නන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන බවට නිවේදනයේ සඳහන්.

    Latest News