එක්නැලිගොඩව පැහැරගෙනයාමේ නඩුවේ විභාගය ඇරඹේ

ඔක් 28, 2024
    මධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණ දෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත්තා.

    නාමල් බලල්ලේ, මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගනු ලැබුවා.

    එහිදී අදාල නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින පෞද්ගලික දුරකථන සමාගම් දෙකක් වෙනුවෙන් එහි නියෝජිතයින් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා.
    නඩුවට පාදක වන විත්තිකරුවන් විසින් ලබාගත් බව කියන දුරකථන ඇමතුම් කිහිපයක් සම්බන්ධයෙනුයි එම සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණේ.
    ඉන් අනතුරුව නඩු විභාගය දෙසැම්බර් මස 06 වනදා කැඳවීමටද දින නියම වුණා.
    2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
    Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2024 14:50

    Latest News