රැසියාවේ නවතම ප්‍රහාරක සැලැස්ම

නොවැ 23, 2024

    රුසියාව සතුව බලවත් නවීන බැලස්ටික් මිසයිල තොගයක් යුක්රේන යුද ක්‍රියාන්විතයේදී භාවිතා කිරීමට සූදානම් බව, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතරු අඟවනවා.

    යුක්රේනයේ නීප්‍රෝ නගරයට එල්ල කරන ලද නවතම බැලස්ටික් මිසයිලය වැනි මිසයිල විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනයේ යොදවන බව පුටින් ජනාධිපතිවරයා පවසා සිටියා. නවීන ඔරෙෂ්නික් මිසයිලය, දැනට ලෝකයේ පවතින කිසිම ගුවන් ආරක්ෂක පද්ධතියකට බිම හෙලීමට නොහැකි බවයි, මාධ්‍යවෙත රුසියානු නායකයා පවසා ඇත්තේ. ඉදිරියේදී යුක්රේන සටන් භූමියේ මෙවැනි අකාරයේ නවතම බැලස්ටික් මිසයිල අත්හදා බලනු ඇතැයි ද ඔහු කියා සිටියා.

    ශබ්දයේ වේගය මෙන් 10 ගුණයක වේගයෙන්, සිය ඉලක්ක කරා ගමන් කළ හැකි ඔරෙෂ්නික් හයිපර්සොනික් මිසයිල මහා පරිමාණ නිෂ්පාදනයට යොදවන ලෙස, සිය ආරක්ෂක අංශ වලට පුටින් ජනාධිපතිවරයා නියෝග දී තිබෙනවා. නීප්‍රෝ නගරයට එල්ල කරන ලද රුසියානු මිසයිල ප්‍රහාරය ඇසින් දුටු පුද්ගලයින් මාධ්‍යට පවසා ඇත්තේ, එය මින් පෙර අත්නොදුටු ප්‍රහාරයක් බවත්, ප්‍රහාරයෙන් අනතුරුව පිපිරීම් පැය තුනක කාලයක් පුරා පැවති බවත්ය. මෙය අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයකට සමාන ප්‍රබලත්වයකින් යුත් මිසයිල ප්‍රහාරයක් බවයි යුක්රේන බලධාරීන් පැවසුවේ.

    Latest News