බදුල්ල දුන්හිඳ ප්
රදේශයේදී ක්ෂේත්
ර චාරිකාවකට ගොස් සිටි ශ්
රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්
යාලයේ දක්ෂිණ මණ්ඩපයට අයත් සිසුන් පිිරිසක් ගමන් කළ බස් රථයක් පෙරලී සිදුවූ
අනතුරෙන් තුවාල ලබා සිටි තවත් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 24ක් වූ කයිලනාදන් සිංදුජන් නම් යාපනය කන්දමඩම් ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.
ඔහු යාපනය හින්දු විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා ඇති සිසුවෙක් බවයි වාර්තා වන්නේ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් 41 දෙනෙකු රැගත් මෙම බස් රථය 01වනදා අනතුරට ලක්විය.
ඉන් සිසුවියන් දෙදෙනෙකු එදිනම ජීවිතක්ෂයට පත්වී තිබුණා.
ඒ අනුව මෙම අනතුරෙන් තිදෙනෙකුට මේ වනවිට දිවි අහිමි වී ඇත.