ශිෂ්‍යත්ව විභාගය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් CIDයට නියෝගයක්

දෙසැ 18, 2024
    පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් හෙට පෙරවරු 9.00 ට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

    පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවී ඇති හෙයින් අදාල විභාගය යළි පවත්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් සහ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා.

    යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. පෙත්සම් විභාගය අද දිනයේත් පැවැත්වෙනවා.

    Latest News