කිරිඳිවැල පොලිස් වසමේ වල්ගම්මුල්ල ප්රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඊයේ (21) සවස් කාලයේ එම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
එලෙස මියගොස් ඇත්තේ, තිඹිරිගම, කිරිඳිවැල ප්රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් බදු පදනම මත ලබා ගත් ඉඩමේ සිටි මුරකරු විසින් මෙම ඝාතනය සිදුකර මරණකරුගේ යතුරුපැදිය රැගෙන පලා ගොස් ඇති බවට පොලීසිය සැකපළ කරනවා.
ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.