කෝටි ගණනක හෂීස් සමඟ විදෙස් තරුණියක් කොටු වෙයි

මාර් 10, 2025
    හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 17 කට අධික තොගයක් කටුනායක ගුවන් තොටුපොළේදී රේගුව බාරයට ගෙන තිබෙනවා.

    ඒවා රැගෙන ආ විදේශීය තරුණියකද අත්අඩංගුවට ගත් බවයි රේගුව පවසන්නේ.

    එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් දාහත්කෝටියකට අධිකයි.
    20 හැවිරිදි ඇය, ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ, පළමු වතාවටයි.
    කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි හරහා ඇය ඊයේ රාත්‍රී කටුනායකට පැමිණ ඇති බව රේගුව පවසනවා.
    එම තරුණියගේ ගමන් මල්ලේ ඇඳ ඇතිරිලි තුනක එම මත්ද්‍රව්‍ය තොගය සුක්ෂම ලෙස සඟවා තිබියදීයි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ඒවා සොයාගෙන ඇත්තේ.
    වැඩිදුර විමර්ශන සඳහා ඇය ගුවන් තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට බාරදී තිබෙනවා.

    Latest News