එහිදී අදහස් පළ කළ අජිත් පී පෙරේරා මහතා....
“ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙන්න පුළුවන්, වෙන කෙනෙක් වෙන්න පුලුවන්. අමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණයක නඩු පැවරීමට ලක්වෙලා, නීත්‍යානුකූලව සිතාසි බාරදීමට බලය තියෙන නිලධාරියෙකු විසින් ඔහුට බාරදුන් අවස්ථාවේදී එකී නඩුවට ඉදිරිපත් වෙලා තරග කරන එක ඔහුගේ නීතිමය බැඳීමක්. ලසන්ත වික්‍රමතුංග මහත්තයාව ඝාතනය කිරීම පිළිබඳ කාරණය ගැන කලක් ගතවූ පසු පවා නඩු පැවරීමට අමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණවල හැකියාව තිබෙන“ බව අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.