එම සැකකරුවන් අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවනු ලැබීය. එහිදී පොලිසිය කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්රාත්වරිය සිද්ධියට සම්බන්ධ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව කඩිනමින් කැඳවන මෙන් නියම කළේය. එමෙන්ම පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ද මහෙස්ත්රාත් වරිය පොලිසියට නියම කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරියා සැකකරුවන් ලබන 23 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කළ අතර එදිනට පරීක්ෂණවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසියට නියම කළේය.
මේ අතර, දකුණු මුහුදු තීරයේ දී හෙරොයින් මත්කුඩු කිලෝග්රෑම් 100 ක් සමග අත් අඩංගුවට ගන්නා ලද ඉරාන ජාතිකයන් නව දෙනා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළේය. මෙම සැකකරුවන් අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියට පමුණුවනු ලැබුබීය.