බිලියන 2.7ක හෙරොයින් ජාවාරම්කරුගේ නිවසින් හමුවූ දේ

දෙසැ 13, 2018

    බේරුවල දී කිලෝ 231ක හෙරොයින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ හෙරොයින් ප්‍රවාහනකළ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවස පරීක්ෂාවේදී රු.ලක්ෂ 59ක්,

    සැටලයිට් දුරකථන 2ක් අත්අඩංගුවට ගෙන තිබේ. 44 හැවිරිදි දිනයාදුර දුලිප් සමන්ත ද සිල්වා නමැති සැකකරු බේරුවල පදිංචිකරුවෙක්. වැටලීම සිදුකළේ ඊයේ සවස (12) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් පිරිසක් විසින්.

    මෙම මුදල් හා භාණ්ඩ හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද බවට සැකකර බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ. හොරායින් සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා ඊයේ දින (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

     

    ප්

    Latest News