අගමැතිට අලුත් අවුරුදු ආශිවාදය බඹර කැලේ විහාරයෙන්

අප්‍රේ 15, 2019

    උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(15) පෙරවරුවේ නුවරඑළිය බඹරකැලේ ශ්‍රී මහා විහාරයට ගොස් තිබේ. 

    බඹර කැලේ ශ්‍රී මහා විහාරයට අද පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍යවරයා පළමුව විහාරාධිපති පූජ්‍ය මීතනෑවේ සුගතනන්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ආගමිකවතාවත්වලද නිරත වුණි.

    ඉන්පසුව බඹර කැලේ ශ්‍රී මහා විහාරයේ විහිරාධිපති හිමියන් විසින් නුවරඑළිය ප්‍රදේශයේ පවතින ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළේය.

    Latest News