විදුලි ඉල්ලුම සපුරාලීමට තමන්ට හැකි බව, ඔවුන් කියා සිටී. අර්බුදය හේතුවෙන්, හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා අති විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුව තිබේ. 2025 වනවිට ජාතික විදුලිබල පද්ධතිවලට තවත් ගිගාවොට් පැය 5,500ක් එක් කිරීමට අවශ්‍ය වේ.
මෙම අර්බුදයට මුහුණදීම සඳහා සුදුසු විකල්පය සූර්ය බලය බව, සුර්යබල කර්මාන්තකරුවන් පවසයි. දැනටමත් හත් දහසක පිරිසක්, සූර්යබල කර්මාන්තයේ යෙදී සිටී. නව අයදුම්පත් 600කට වැඩි ප්‍රමාණයක් විදුලිබල මණ්ඩලයට ලැබී ඇති අතර, එමගින් මෙගාවොට් 1550ක්, නිපදවිය හැකි බව, සුර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.