පාසල් දරුවන්ට දියර කිරි වීදුරුවක් ලබාදීම ලබන 22 (වීඩියෝ)

අප්‍රේ 20, 2019

    පාසල් දරුවන් සඳහා දියර කිරි වීදුරුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ලබන 22 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

    ඒ කලවාන කජුගස්වත්ත මහා විද්‍යාලයේදී. වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, “කිරෙන් සපිරි දැයක්“ තේමාවෙන්. ශ්‍රී ලංකාව දියර කිරෙන් ස්වයංපෝෂිත කිරීම හා පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම මෙහි අරමුණයි. ජනාධිපති ලේකම් කාර්යාලය, ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය එක්ව පළමු ශ්‍රේණිය සිට 05 ශ්‍රේණිය දක්වා පාසල් ප්‍රාථමික අංශ යේ දරුවන්ට දෛනිකව දියර කිරි වීදුරුවක් ලබාදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

    රජය ඒ සඳහා මේ වසරට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දහසක්. දේශීය කිරි ගොවියා ශක්තිමක් කිරීම කිරෙන් සපිරි දැයක් වැඩසටහනේ තවත් අරමුණක්. ජාතික උත්සවය පිළිබඳ විශේෂ සාකච්ජාවක් සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කලවාන කජුගස්වත්ත මහා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්විණ. ඒ දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. ජාතික වැඩසටහනට සමගාමීව කලවාන ප්‍රදේශයේ කිරි ගොවීන් සඳහා පහසුකම් රැසක් ලබාදීමට ද නියමිතයි.



    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 20:07

    Latest News