බෝම්බ පිපිරීම් සම්බන්ධ සැකපිට 4ක් අත්අඩංගුවට

අප්‍රේ 21, 2019

    දෙමටගොඩ, මහවිල උද්‍යාන මාවත ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීම සම්බන්ධ සෝදිසි මෙහෙයුම්වලින් පසු සැකපිට පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අද පස්වරු 2.30ට පමණ දෙමටගොඩ මහවිල උද්‍යාන මාවතේ නිවසක පිපිරීමක් සිදුවිණ. ඒ අනුව ආරක්‍ෂක අංශ විසින් නිවස වටලා සිදු කළ පරීක්‍ෂා කිරීම්වලින් පසුවයි මෙම පුද්ගලයින් සිව් දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ. තවදුරටත් නිවස තුළ මෙහෙයුම් සිදුවේ. මෙම නිවස මුල්කර අද දිනය තුළ සිදු කළ ප්‍රහාරයන් ක්‍රියාත්මක කර ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 16:39

    Latest News