ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළා දකිනවා;ඉම්රාන් ඛාන්

අප්‍රේ 21, 2019

    පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළා දකී.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී. සිදුවූ ජීවිත හා දේපල විනාශය පිළිබඳව කණගාටුව පළ කරන අතර, විපතට පත්වූවන්ගේ පවුල් වෙත පකිස්තාන රජයේ හා ජනතාවගේ ශෝකය පළ කරන බව අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ දැක්වේ. මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ එක්ව සිටින බව පකිස්තාන අගමැතිවරයා පවසයි.

    Latest News