කොච්චිකඩේ වෑන් බොම්බ උපාය ඇටවුම 1000 නොට්ටු 04ක්

අප්‍රේ 22, 2019

    කොච්චිකඩේ, ජින්තුපිටිය හන්දිය ප්‍රදේශයේ පිහිටි කොළඹ වරායේ අංක 04 පිවිසුම් මාර්ගය අසල නවතා තිබු වෑන් රථයක අද පුපුරුවා හැරියේය.

    එම වාහනය තුල තිබු ගෑස් සිලින්ඩර 04ක් යොදා ගනිමින් බෝම්බයක් සවිකර තිබු බවයි පොලිසිය පවස්න්නේ. එ අනුව මේ බෝම්බ වහනය අද පස්වරුවේ සොයා ගැනිමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකාය බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට පියවර ගත්තේය.

    වෑන් රථය තුල සකස් කර තිබු බෝම්බය සිලින්ඩර් 04ක් සමග ටයිමරයක් යොදා සකස් කර තිබු බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් පවසයි. එම බෝම්බයට නුලක් සවිකර තිබි ඇති අතර ඒ මත රුපියල් 1000 මුදල් නෝට්ටු කිහිපයක්ද අතුරා තිබු බව විශේෂ කාර්ය බලකාය කියා සිටි.

    එම මුදල් නෝට්ටු දැක ඒවා ගැනීමට ගොස් යම් හෙයකින් කවුරු හෝ උත්සහ කලේ නම් එම බෝම්බය පුපුරා යන ආකාරයට සකස් කර තිබු බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

    බෝම්බය නිෂ්ක්‍රිය කිරීමේදී ඇතිවූ කම්පනයෙන් කොළඹ වාරයේ තාප්පයේ කොටසක් කැඩි ගොස් ඇති අතර අවට ගොඩනැගිලි කිහිපයක විදුරු ජනේල් බිදි ගොස් ඇත.

    Latest News