කට කතා - ප්‍රතිචාරයෙන් බැහැර වන්න...... නිළ තොරතුරු රජයෙන්

අප්‍රේ 25, 2019

    ත්‍රස්තවාදයට එරෙහි ආරක්ෂක මෙහෙයුම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරනු ලබන නිල නිවේදන පමණක් පිළිගන්නා ලෙස රජය ජනතාවට දැනුම් දෙයි.

    ඇතැම් පුද්ගලයන් සිදුකරන කෙටි පණිවුඩ, කටකතා හා වෙනත් අවිධිමත් සන්නිවේදනයන් හේතුවෙන් ජනතාව දැඩි කලබලයට පත්වීම නිසා දෛනික කටයුතු අඩාල වීම වළක්වා ගැනීම මෙහි අරමුණයි. ත්‍රසත්වාදී ක්‍රියාවන් මුලිනුපුටා දැමීම සඳහා රජය මේ වන විට ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට අවශ්‍ය බලතල පවරා තිබේ. විනාශකාරී සිද්ධීන්ට සම්බන්ධ සැකකරුවන් සහ අදාළ අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, විමර්ශනය හා ඉදිරි මෙහෙයුම් කටයුතු ආරක්ෂක අංශ විසින් අඛණ්ඩව සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

    ඒ සම්බන්ධයෙන් කටකතා, කෙටිපණිවුඩ හා වෙනත් අවිධිමත් සන්නිවේදන තුළින් ජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්වීම අදාළ මෙහෙයුම්වලට බාධාවක් බවට ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබේ. විමර්ශන හා මෙහෙයුම් කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු ඉතා වැදගත් තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරන ලද නිල ප්‍රවෘත්ති මගින් දැනුම් දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බැවින් අසත්‍ය තොරතුරුවලට හසුවී කලබලයට පත් නොවන ලෙස රජය සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 15:25

    Latest News