කොළඹ සෝදිසියක දි 03 ක් අත්අඩංගුවට.... ආයුධ සොයා ගනී

අප්‍රේ 25, 2019

    කොළඹ මෝදර, මුතුවැල්ල මාර්ගයේ අද (25) දහවල් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත අඩුබලයක් සහිත අත්බෝම්බ සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇත. එහිදී වෑන් රථයක් සමඟ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    මෙම සොදිසි මෙහෙයුමේදි සොයගනු ලැබු මෙරට නිෂ්පාදිත අඩු බලයක් සහිත අත්බෝම්බ ගණන 21ක්. මේ අතර කඩු 06ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 16:30

    Latest News