බුර්කාව එපා; තව්හිද් ජමාද් තහනම් කළ යුතුයි - ජම්ඉයියතුල් උලමා

අප්‍රේ 25, 2019

    තාවකාලිකව බුර්කාව පැළඳීමෙන් වලකින ලෙස, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය, මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

    ඒ අතර දැනට ගැටළුකාරී තත්වයක් පැන නැගී ඇති තව්හීද් ජමාද් සංවිධානයට අනුබද්ධිත ඇතැම් ඒකක තහනම් කළ යුතු යැයි ද සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය රජයට යෝජනා කරයි. ජම්ඉයියතුල් උලමා සංවිධානය අද(25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ බව නිවේදනය කර ඇත.

    බුර්කාව පැළඳීමෙන් වැලකීම සම්බන්ධව ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව ද විශාල වශයෙන් ඉල්ලීම් කර ඇති බවද වාර්තාවේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 16:40

    Latest News