කථානායකගේ ප්‍රකාශය SLFP ප්‍රතික්ෂේප කරයි (වීඩියෝ)

නොවැ 05, 2018
  • කතානායක කරූ ජයසූරිය මහතාට ව්‍යවස්ථා විරෝධී අයුරින් ක්‍රියා කළ නොහැකි බව ශ්‍රී ලංකානිදහස් පක්ෂය පවසනවා.

    මාධ්‍ය හමුවක දී අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මේ බව කියා සිටියා.

     

    අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා - “ අපේ අදහස හැටියට මේ ප්‍රකාශනය සහ තීන්දුව හුදෙක්ම පුද්ගලික හා දේශපාලන තීන්දුවක්..ඒක කතානායක කෙනෙකුට තරම් වන ප්‍රකාශයක් නෙවෙයි..

    මොකද එම තනතුර මුළු පාර්ලිමේන්තුවේම ඡන්දයෙන් ලැබුණු තනතුරක්.. එකම පක්ෂයකට වාසි වෙන විදිහට ප්‍රකාශ කිරීම පළමුවෙන්ම සම්ත විරෝධී..ව්‍යවස්ථා විරෝධිය..පාර්ලිමනේතු කළ්තැබීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ ජනධිපතිතුමාට..ඒක කිසිකෙනෙකුට පවරලා නැහැ..පවරන්නත් බැහැ...

    පැවරුවොත් මේ මුළු ව්‍යවස්ථාවම විකාරයක් වෙනවා..ඒ විතරක් නෙවෙයි, ඒ ජනාධිපතිතුමා ඒ ප්‍රතිපාදන අනූව ගත්ත විනිශ්චය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට උසාවියට ගිහින් කියන්න පුළුවන්..

    අපි හොදට දන්නවා ව්‍යවස්ථාවදායකය විධායකය හා අධිකරණය අතර ගැටුමක් හරි මතභේදයක් ඇති වුනොත් ගොඩක් ප්‍රතිපාදන තියනාව අධිකරණයට යන්න“ යැයි  ඔහු කියා සිටියේය.

    Last modified on සදුදා, 05 නොවැම්බර් 2018 14:22

    Latest News