භාණ්ඩ හමුව ඇත්තේ ඊයේ(29) සවස.ආරක්ෂක අංශ පැවසුවේ පොලිස් හා යුධ හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරක් මත යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ කනගරායන්කුලම ප්‍රදේශයේ පවතින මුස්ලිම් ජාතිකයෙකුට අයත් හෝටලක වළ දමා තිබු අදාළ පුපුරණ ද්‍රව්‍ය එලෙස සොයාගෙන ඇති බවයි.
පීඩන බෝම්බ 03 ක්, ආර්.පි.ජි.උණ්ඩයක් හා පතුරම් කිහිපයක් ද ඒ අතර විය.අදාළ පුපුරණ ද්‍රව්‍ය පැරණි තත්වයේ පවතින බවත් හෝටල් හිමිකරු අදාළ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගනු ලැබුවේ කුමන කාරණාවකට ද යන්න සොයා පරීක්ෂණ පවත්වන බව ද ආරක්ෂක අංශ සඳහන් කළේය. සොයාගත් පුපුරණ ද්‍රව්‍ය හා හෝටලයේ හිමිකරු කනගරායන්කුලම පොලීසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කනගරායන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.