ත්‍රිවිධ හමුදා,පොලිස් ඒකාබද්ධ මූලස්ථානයට අණ දෙන නිලධාරියෙක්

අප්‍රේ 30, 2019

    බස්නාහිර පළාත් හා පුත්තලම් දිස්ත්‍රිකකයේ, සියළුව ත්‍රිවිධ හමුදා හා පොලිස් වසම් කොළඹ පිහිටි ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය යටතට පත්කර ඇතැයි, ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය පවසයි.

    ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන යටතේ ක්‍රියාත්මකයි. එහි අණදෙන නිලධාරී ලෙස ක්‍රියාකරන්නේ මේජර් ජනරල් සත්ත්‍යප්‍රිය ලියනගේ මහතායි. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සඳහා සම්බන්ධීකරණ නිලධාරීන් ද පත්කර තිබේ.

    මේ බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශයට දන්වා ඇතැයි ද අද සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 08:27

    Latest News