ජාතික ආරක්‍ෂාව පිලිබඳ අධීක්‍ෂණ කමිටු වාර්තාව මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන්ට

මැයි 26, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික ආරක්‍ෂාව පිලිබඳ අධීක්‍ෂණ කමිටු වාර්තාව අද මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වුවා.

    ඒ, එම පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් විසින්. මහනුවරට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී කණ්ඩාම ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබාගත්තා.

    අනතුරුව, මන්ත්‍රී කණ්ඩායම පැමිණියේ මල්වතු මහා විහාරයටයි. එහිදී මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් ඔවුන් ජාතික ආරක්‍ෂාව සම්බන්ධ යෝජනා 11ක් ඇතුළත් වාර්තාව උන්වහන්සේට පිළිගැන්වුවා.

    අස්ගිරි මහ විහාරයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා. උන්වහන්සේට ද, යෝජනා මාලාව පිළිගැන්විණ.

    Latest News