අමාත්‍ය රිෂාඩ්ට හා ආණ්ඩුකාර හිස්බුල්ලා එරෙහිව පැමිණිලි දෙකක්

මැයි 26, 2019

    අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට එරෙහි පැමිණිලි 2ක් විමර්ශනය සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී, රුවන් ගුණසේකර මහතා පවසයි.

    අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

    එහිදී අදහස් ප්‍රකාශ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී, රුවන් ගුණසේකර මහතා...

    “අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට හා එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාට එරෙහිව පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි දෙකක් ලැබී තිබුණා. ඉන් එක් පැමිණිල්ලක් පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි විසින් ඉදිරිපත් කර තිබුණි පැමිණිල්ලක්. එම පැමිණිල්ල අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට හා එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා යන දෙදෙනාටම එරෙහිව ඉදිරිපත් කර තිබුණු පැමිණිල්ලක්. අනෙක් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ පුජ්‍ය අඟුරුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින්. එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාට එරෙහිවයි. කෙසේ නමුත්, මේ දෙදෙනාට එරෙහිව ඉදිරිපත් කර තිබූ මේ පැමිණිළි දෙකම පොලිස් මූලස්ථානයට විසින් විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරලා තියෙනවා.

    මේ අතර, සති 2ක් තුළ මංතීරු නීතිය යළි දිවයින පුරා ක්‍රියාත්මක කරන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    “නැවතත් ප්‍රධාන නගර ආශ්‍රිතව මං තීරූ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය විසින් තීරණය කර තිබෙනවා. සති දෙකක සහන කාලයක් රියදුරන් වෙත ලබාදෙනවා හෙට සිට සති දෙකක සහන කාලයක්. බස් රථ ඇතුළු බර වාහන සඳහා මංතීරු නීතිය සඳහා අවතීර්ණ වීමට එය ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමට මේ සති දෙකක කාලය ප්‍රයෝජනයට ගන්න හැකියාව තිබෙනවා. මේ සති දෙකේ කාලය අවසන් වූවාට පසුව මංතීරු භාවිතයට අදාළ නීතිය අපි දැඩිවම ක්‍රියාවේ යෙදවීමට බලාපොරොත්තු වනවා“ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    Last modified on ඉරිදා, 26 මැයි 2019 20:26

    Latest News