මේ වන විට කුඹුරු අක්කර 140ක පමණ ප්‍රදේශයක මෙම පණු උවදුර පැතිර ගොස් ඇති බවයි, අප වාර්තාකරු පවසන්නේ. "ගොඩවෙල්ලු" නමින් හැඳින්වෙන පණු විශේෂයක් මෙලෙස ප්‍රදේශයේ වී වගාවට ව්‍යාප්ත වී තිබේ.
කුඹුරක දළ වශයෙන් පණුවන් දහසක්, දෙදහසත් අතර ප්‍රමාණයක් සිටින බවයි, වාර්තා වන්නේ. මේ නිසා ලේනබටුව,මහමුලනයාය ප්‍රදේශයේ ගොවි ජනතාව දැඩි පීඩාවට පත්ව සිටියි. පණුවන් ඉතා ශීඝ්‍රයෙන් බෝවන බවත්, ගොයම් කොළඹ සම්පූර්ණයෙන්ම කා දමන බවත් ගොවීන් පවසයි.