උත්සවය ඊයේ පස්වරුවේ වවුනියාව නගර සභා ක්‍රීඩංගණයේ දී.ඒ අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.අඩු ආදායම්ලාභී පවුල් හය ලක්ෂයට අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරිණ.
දිස්ත්‍රික්ක 25කින් තෝරාගත් ප්‍රතිලාභීන්ට මෙම හිමිකම් ප්‍රදානය කෙරිණ. ඊට වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන දස දහසක්. ප්‍රතිලාභී සෑම පවුලකටම සමාජ ආරක්ෂණ අරමුදල මගින් ලබාදෙන ප්‍රතිලාභී රැස්ක ද හිමියි. උසස් පෙළ හදාරණ දරුවන්ට ශිෂ්‍යත්ව ආධාර මෙන්ම, සමෘද්ධි නිවාස ලොතරැයිය මගින් මාසිකව නිවාස හිමිකම් සඳහා ළගාවීමට ද අවකාශය සැලසේ.
මේ අතර, ඉංගිරිය හා හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අඩු ආදායම් ලාභී පවුල් 1,870ක් සඳහා සමෘද්ධි හිමික්ම පත් ප්‍රදානය කෙරිණ. උත්සවය පැවැත්වුණේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී. හොරණ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හේමන්ත වික්‍රමාරච්චි මහතා ඇතුළු ජනතා නියෝජිතයන් රැසක් උත්සව අවස්ථාවට එක්ව සිටියහ.