බදුල්ල නිවසක පිපිරීමක්;මුළුතැන්ගෙයි පිළිස්සුණ මළසිරුරක්

ජූනි 10, 2019

    බදුල්ල පිං අරාව ජලනල මාවත හන්දියේ නිවසක අද(10) උදේ 9.00 ටපමණ සිදුවූ ගිනි ගැනීමකින් එම නිවසේ සිටි කාන්තාවක් මුථතැන්ගෙය තුල පිළිස්සී මියගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

    මෙසේ මරණයට පත්ව ඇත්තේ ධම්මිකා රත්නායක නමැති (45) හැවිරිදි තිදරු මවකි.

    ඇගේ සැමියා විදේශ රට රැකියාව කරන අතර දේසිද්ධිය වන අවස්ථාවේ පුතුන් දෙදෙනා පාසැල් ගොස් සිටි බවත් වැඩිමහල් දියණිය රැකියාවට ගොස් තිබු බවත් සිදුවීම වන අවස්ථාවේ මරණකාරිය පමණක් නිවසේ සිටි බවත් අනාවරණය වී තිබේ. ගින්න සමග ශබ්දයක් ඇසුන බව අසල්වැසියන් පවසතත් මෙය පිපිරීමකින් සිදුවූ වක් නොවන බව විමර්ශන වලදි අනාවරණය වූ බව පොලිසිය සදහන් කරයි .

     badulla3

    badulla2

    badulla5

    Last modified on සදුදා, 10 ජූනි 2019 12:34

    Latest News